නවසීලන්තයේ අවසන් පූර්ව ගමන වැට උඩ

එංගලන්තය සහ නවසීලන්තය අතර ඊයේ (03) පැවැති තරගයෙන් එංගලන්තය ලකුණු 119ක විශිෂ්ට ජයක් ලැබීමට සමත්වීමත් සමග නවසීලන්ත කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත. ඒ පාකිස්තානය හා බංගලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිත තරගය පාකිස්තානය ජයගැනීමේ අවදානමක් නවසීලන්තයට පවතින බැවිනි.

මේ වනවිට ලකුණු සටහනේ එංගලන්තය තුන්වැනි ස්ථානයේ සිටින්නේ තරග 9කට සහභාගී වී ජයග්‍රහණ 6ක් සමගින් ලකුණු 12ක් ලබාගනිමිනි. නවසීලන්තය තරග 9කට සහභාගී වී ජයග්‍රහණ 5ක් සමගින් ලකුණු 11ක් ලබාගෙන ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදී සිටියි.

අවසන් පුර්ව වටයට පිවිසිය හැකිවන්නේ සියලුම කණ්ඩායම් තරග 9ක් ක්‍රීඩා කළ පසු ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් හතරට පමණි.

මේ වනවිට පාකිස්ථානය එහි පස්වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔවුනට තවත් එක් තරගයක් ඉතිරිව ඇත. ඒ ජූලි 5 වැනිදා බංගලාදේශයත් සමග පැවැත්වීමට නියමිත තරගයයි. එම තරගය පාකිස්තානය ජයගතහොත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක් ඔවුනට හිමිවේ. එවිට නවසීලන්තයේ හා පාකිස්තානයේ ලකුණු 11 බැගින් වන අතර, ජයග්‍රහණ සංඛ්‍යාවද 5 බැගින් වේ. එසේ වුවහොත් සිව්වැන්නා තෝරාගැනීම සිදුවන්නේ දල ලකුණු වේගය සලකා බැලීමෙනි. මේ වනවිට නවසීලන්තයේ එම අගය 0.175ක් වන අතර පාකිස්තානයේ එය -0.792ක් වේ.

පාකිස්තානය අවසන් පූර්ව වටයට පිවිසීමට නම් පළමුව පන්දුවට පහරදී ලකුණු 350ක් වැනි ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන නවසීලන්තය ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළ යුතුය. පාකිස්තානයට දෙවනුවට පන්දුවට පහරදීමට සිදුවන්නේ නම් නවසීලන්තය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කර එම ඉලක්කය අඩු පන්දුවාර සංඛ්‍යාවකින් ජයගතයුතු වන්නේ ප්‍රතිවාදීන්ට කඩුලු ලබානොදී ඉහළ ලකුණු ලබාගැනීමේ වේගයක් තබාගනිමිනි.

එසේ වුවහොත් මේ වනවිට සිව්වැනි ස්ථානයේ සිටින නවසීලන්තයට එම අවස්ථාව අහිමි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here