නවසීන්තය සමග දෙවන ටෙස්ට් තරගය හෙට..

සංචාරක නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය හෙට (22) පි සරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම  මේ වන විට පෙරමුණ ගෙන තිබෙනවා

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 6කින් වාර්තා ගත ලෙස ජය ගැනීමත් සමග ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මේ අතර ටෙස්ට් තරගාවලිය අවසන් වීමේන් පසු නවසීලන්ත නායක කේන් විලියම්සන් නැවතත් නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here