නවක ක්‍රීඩකයින්ගේ දියුණුවට එල්.පී.එල්. ඉතාමත් වැදගත්… – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු මිකී ආතර්

ක්‍රිකට් යනු අත්දැකීම් සහිතව සිදුකළ යුතු කලාවක් බවත්, එල්.පී.එල්. මගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත්දැකීම් සහ පීඩනය යටතේ ක්‍රියා කළ යුතු ආකාරය ඉගෙනීම සඳහා තවදුරටත් අවස්ථාව හිමිවන බවත් ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් පවසයි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සංවිධායකයන් සමග කරන ලද සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු මෙසේ පවසා තිබුණි.

‘අපේ ක‍්‍රීඩකයන්ට දියුණු වීමට බොහෝ ක‍්‍රම තියෙනවා. එතනදි පීඩනය යටතේ ක‍්‍රීඩා කළ යුතු ආකාරය ඉගෙන ගන්න පුළුවන්. මේක අත්දැකීමක් මෙන්ම කලාවක්. ඒ නිසා එල්.පී.එල්. වැනි තරගාවලිවලින් ක‍්‍රීඩකයන් දියුණු වෙන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා.’’ යැයි ශ‍්‍රී ලංකා පුහුණුකරුවා පවසයි.

එල්.පී.එල්. තරගාවලිය ඔස්සේ ජාතික කණ්ඩායමේ විස්සයි විස්ස සංචිතයට අලූත් ක‍්‍රීඩකයන් සොයා ගැනීමට හැකිවනවාදැයි විමසන ලදුව, ‘‘විදේශීය ක‍්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සමග ක‍්‍රියාකාරිත්වයෙන් ඉන්න විට වෘත්තීය පරිසරයක් නිර්මාණය වෙනවා. ඒක දැන් ලොව පුරාම වර්ධනය වී ඇති ආකාරය මම දැකලා තියෙනවා.’’ යනුවෙන් පැවසීය.

මේ අතර, ලංකා ප්‍රිමියර් ලීගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හොඳ මුලපිරීමක් බවද ඔහු පවසා තිබේ. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් සහ ලීග් ක්‍රිකට් තරගාවලි අතර තවමත් පරතරයක් පවතින බවද මිකී ආතර් අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here