ධර්මසේනගේ තීන්දුවට එරෙහිවූ එංගලන්තයේ රෝයිට සිදුවන දේ

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේ ශ්‍රී ලාංකික විණිසුරු කුමාර් ධර්මසේන විසින් ලබාදුන් තීන්දුවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එසේ අවධානය යොමුව ඇත්තේ ජේසන් රෝයි ගේ දැවී යාම වෙතයි.

එහිදී පැට් කම්න්ස් විසින් යොමුකළ කෙටි පන්දුවකට රෝයි විසින් හරවා එල්ලකිරීමට උත්සහ ගත්තා.

රෝයිගේ පිත්ත අසලින් එහි නොගෑවී ඇදීගිය පන්දුව ඇලෙක්ස් කෙරී විසින් රැකගත් අතර එහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එය දැවී යාමක් බවට ඉල්ලීමක් කළා.

එහිදී කුමාර් ධර්මසේන විනිසුරු විසින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කලා.

කෙසේ වෙතත් එහිදී රෝයි විණිසුරු තීරණයට විරුද්ධ වුවද ක්‍රිකට් නීතියට අනුව ඔහුට එය අභියෝගයට ලක්කිරීමට අවස්ථාවක් නොලැබුණේ එම අවස්ථාව ජොනී බෙයාර්ස්ටෝ විසින් භාවිතයට ගෙන තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් එම අවස්ථාව ඔහු නොදැවී ගිය ක්‍රීඩකයෙකු බවයි පුනරූපණ වලින් දිස්වුනේ.

එම අවස්ථාවේ රෝයිගේ අවිනීත හැසිරීම පිළිබඳව පසුව ICCයේ අවධානය යොමුවූ අතර ඉහිදී ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට 30 ක දඩ මුදලක් නියම කෙරුණා.

එම දැවී යාම පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here