දෝනිගේ අවසන් T20 තරගය මැක්ස්වෙල් සුනුවිසුණු කරයි

තරග දෙකකින් සමන්විත ඔස්ට්‍රේලියානු – ඉන්දියා විස්සයි විස්ස තරගාවලිය 2-0ක් වශයෙන් ජය ලැබීමට ඕස්ට්‍රේලියාව අද (27) බැංගලෝර්හිදී සමත්විය. ඒ දෙවැනි තරගය පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 7කින් ජයගනිමිනි.

ඉන්දියානු කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ අවසන් විස්සයි විස්ස තරගය මෙය වූ බැවින් තරගය නැරඹීම සඳහා 30000කට අධික ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියහ. තමාගේ අවසන් විස්සයි විස්ස තරගය ජයගැනීමට තිබූ දෝනිගේ ආශාව ඕස්ට්‍රේලියානු ⁣ප්‍රවේගකාරි පිතිකරු මැක්ස්වෙල් විසින් සුනුවිසුනු කර දමන ලද්දේ ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගේ හදවත් මෙිහොතකට නතර කරමිනි.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානුවන් නියමිත පන්සුවාර 20 අවසනදි කඩුලු 4ක් බිඳවැටී ලකුණු 190ක් රැස් කිරීමට සමත්විය. ඉන්දියානු ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වූයේ නායක විරාත් කෝලි පන්දු 38කින් නොදැවී ලබාගත් ලකුණු 72යි. දෝනි ලකුණු 40ක් රැස් කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ඇරඹු ඕස්ට්‍රේලියානුවන් තරගය නිමවීමට පන්දු 2ක් ඉතිරිව තිබියසී කඩුලු 7ක් ජයක් වාර්තා කලේ මැක්ස්වෙල්ට පිං සිදු වන්නටය. එහිදි විශිෂ්ට ශතකයක් රුස්කළ මැක්ස්වෙල්ගේ ඉනිම සටහන් වූයේ පන්දු 55කින් ලකුණු 113ක් ලෙසය. ඒ නිසාවෙන්ම තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here