දේශීය ක්‍රිකට් තරග වාරය ඇරඹේ

දේශීය ක්‍රිකට් තරග වාරය ආරම්භ කරමින් ප්‍රිමියර් ලීග් A කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වේ. එම තරගාවලිය සති 7කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රීඩාංගණ 6ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

A කාණ්ඩයේ තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගී වන අතර ඔවුන් කාණ්ඩ දෙකකට බෙදා වෙන්කර ඇත. එම සෑම කණ්ඩායමක්ම මූලික වටයේ දී තරග 6කට මුහුණ දේ. ඉන් අනතුරුව පළමු වටය අවසානයේ එම කාණ්ඩ දෙකේ ඉහලින්ම සිටින කණ්ඩායම් 04 තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනී. සුපිරි 8 වටයේ තරග පවත්වනු ලබන්නේ සිව්දින තරග ලෙසය. එම වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායමට ශුරතාවය හිමිවේ.

සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් නොලබන කණ්ඩායම් 06 තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා තරග වැදීමට නියමිතය. එහි දී අවසන් ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට මීළඟ වසරේ තරගාවලියේදී ‘B’ කාණ්ඩය දක්වා පහත බැසීමට සිදුවේ.

A කාණ්ඩයේ පළමු කොටස
• හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය
• ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රිකට් සමාජය
• එන්. සී. සී ක්‍රිකට් සමාජය
• රාගම ක්‍රිකට් සමාජය
• මුවර්ස් ක්‍රීඩා සමාජය
• ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය
• යුද හමුදා ක්‍රීඩා සමාජය

A කාණ්ඩයේ දෙවන කොටස
• සිංහල ක්‍රීඩා සමාජය
• බී. ආර්. සී. ක්‍රීඩා සමාජය
• කොල්ට්ස් ක්‍රිකට් සමාජය
• සැරසන්ස් ක්‍රීඩා සමාජය
• බදුරලිය ක්‍රිකට් සමාජය
• කොළඹ ක්‍රිකට් සමාජය
• මීගමුව ක්‍රිකට් සමාජය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here