දෙසැම්බරයේ පාකිස්ථානයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්ථානය බලා යාමට සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය අද නම් කෙරුණා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16ක් ඇතුළත්වනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී වසර දහයකට පසුව දෙරට අතර පාකිස්ථානයේදී පැවති එක්දින තරගාවලියට සහ T20 තරගාවලියට ආරක්ෂක තත්ත්වය හේතුකොටගෙන සහභාගිවීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට සහභාගී වීම විශේෂත්වයක්.

වසර දහයකට පසුව පාකිස්තානයේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගෙන තිබීම විශේෂත්වයක් වන අතර මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 8 වනදා පාකිස්ථානය බලා පිටත්වීමට නියමිතව පවතිනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 11-15 දක්වා රාවල්පිණ්ඩිහිදීත්, දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 19-23 දක්වා කරච්චිහිදීත් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මැන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here