දෙවෙනි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 2ක පරාජයක්

ශ්‍

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවෙනි තරගයෙන් කඩුලු 2ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. ඒ සවර්හි බී.කේ.එස්.පී. ක්‍රීඩාංගනයේ  පැවති එම තරගය ජයගැනීමත් සමග කණ්ඩායම් 2 සම තත්ත්වයේ පසුවන්නේ තරග 1 බැගින් ජයගෙනය.

එම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහර දී පන්දු වාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 273කි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 65ක් ද, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 55ක් ද, නායක චරිත් අකලංක ලකුණු 45ක්ද, ජෙහාන් ඩැනියල් ලකුණු 43ක්ද රැස්කරගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් පන්දුවාර 49.3කදී කඩුලු 8ක් දැවීගොස් ලකුණු 274ක් ලබාගනිමින් බංග්ලාදේශ පිල තරගය  ජයගත්තේය. එහිදී යසීර් අලී ලකුණු 85ක් සහ නායක නජ්මුල් හොසේන් ලකුණු 77ක් ලබාදෙමින්  බංග්ලාදේශ පිල ශක්තිමත් කළේය. 

තරග සාරාංශය 

බංග්ලාදේශ ඉනිම 
274 (49.3)
යසීර් අලී – 85, නජ්මුල් හොසේන් – 77
ශිරාන් ප්‍රනාන්දු 30/2, ජෙහාන් ඩැනියෙල් 46/2

ශ්‍රී ලංකා ඉනිම 
273 (49.4)
කමිඳු මැන්ඩිස් – 65, පැතුම් නිස්සංක – 55, චරිත් අසලංක – 45, ජෙහාන් ඩැනියෙල් – 43
ශෆියුල් ඉස්ලාම් – 51/3

සහ බංග්ලාදේශ නැඟී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවෙනි තරගයෙන් කඩුලු 2ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. ඒ සවර්හි බී.කේ.එස්.පී. ක්‍රීඩාංගනයේ  පැවති එම තරගය ජයගැනීමත් සමග කණ්ඩායම් 2 සම තත්ත්වයේ පසුවන්නේ තරග 1 බැගින් ජයගෙනය.

එම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහර දී පන්දු වාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 273කි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 65ක් ද, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 55ක් ද, නායක චරිත් අකලංක ලකුණු 45ක්ද, ජෙහාන් ඩැනියල් ලකුණු 43ක්ද රැස්කරගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් පන්දුවාර 49.3කදී කඩුලු 8ක් දැවීගොස් ලකුණු 274ක් ලබාගනිමින් බංග්ලාදේශ පිල තරගය  ජයගත්තේය. එහිදී යසීර් අලී ලකුණු 85ක් සහ නායක නජ්මුල් හොසේන් ලකුණු 77ක් ලබාදෙමින්  බංග්ලාදේශ පිල ශක්තිමත් කළේය. 

තරග සාරාංශය 

බංග්ලාදේශ ඉනිම 
274 (49.3)
යසීර් අලී – 85, නජ්මුල් හොසේන් – 77
ශිරාන් ප්‍රනාන්දු 30/2, ජෙහාන් ඩැනියෙල් 46/2

ශ්‍රී ලංකා ඉනිම 
273 (49.4)
කමිඳු මැන්ඩිස් – 65, පැතුම් නිස්සංක – 55, චරිත් අසලංක – 45, ජෙහාන් ඩැනියෙල් – 43
ශෆියුල් ඉස්ලාම් – 51/3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here