දෙවැනි යෝග්‍යතා පරීක්ෂණයෙන් ධනායි ධනුෂ්කයි පාස්

එළැඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙකුට සිදුකළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් සියලුදෙනාම සමත්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (04) තහවුරු කළේය.

මෙම පරීක්ෂණය කොළඹ සුගතදාස ක්‍රීඩාජගණයේදී අද (04) පෙරවරුවේ පැවැත්වුණි. මීට පෙර බංග්ලාදේශ සංචාරය අතරතුරදී පළමු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණි. එහිදී ඊට සහභාගී වූ ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ලක්ෂාන් ඉන් අසමත් වූ බැවින් අද දිනයේ ඔවුන්ට ද මෙම පරීක්ෂණයට සහභාගී වීමේ අවස්ථාව හිමි විය.

ඒ අනුව අද ඊට සහභාගී වූ ධනංජය ලක්ෂාන්, නුවන් ප්‍රදීප් සහ ඉෂාන් ජයරත්න ඇතුළු ක්‍රීඩකයන් සියලුදෙනා ඉන් සමත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here