දෙවැනි පුහුණුවත් අසාර්ථකයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර සහභාගී වූ අවසන් පහුණු තරගයෙන්ද කඩුලු 5ක පරාජයක් ලැබීමට ඊයේ (27) සිදුවිය. ඒ රෝස්බෝල් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාව සමගින් පැවති තරගයේදීය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් බිඳවැටී ලකුණු 239ක් රැස්කරගැනීමට සමත්විය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නය. ඔහු ලකුණු 56ක් රැස්කිරීමට සමත් විය. ඊට අමතරව ශ්‍රී ලංකා ඉනිමේ පසුපෙළ ක්‍රීඩකයන් සමග එක්ව හොඳින් ඉනිම ගොඩනැගු ධනංජය ද සිල්වා ලකුණු 43ක් රැස් කළේය.

පන්දුවාර 44.5කින් ලකුණු 241ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවන් තරගයේ ජය තහවුරු කලේ කඩුලු 5ක් බිඳවැටීමෙන් අනතුරුවය. එහිදී උස්මාන් කවාජා ලකුණු 89ක් රැස්කරමින් එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය.

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2ක් බිඳහෙලීය. ලසිත් මාලිංග හා ඉසුරු උදාන නොමැතිව ක්‍රීඩා කළ කණ්ඩායම ලොක කුසලාන තරගාවලියේදී ඔවුන් දෙදෙනාද සමගින් මීට වඩා හොඳින් ක්‍රීඩා කරනු ඇතිබව බොහෝදෙනෙකුගේ අදහස වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here