දෙවන එක්දින තරගයෙ ජය පාකිස්ථානයට

පකිස්ථානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කරච්චි හිදී  පැවති දෙවැනි එක්දින තරගයේ ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ (30) සමත් විය. 

කෙසේ නමුත්, එහිදී ශ්‍රී ලංකා පිළේ ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක එක්දින තරඟවල හය වන කඩුල්ල සඳහා නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.   හය වන කඩුල්ලට ලබා ගත් ලකුණු 177 එක්දින තරඟ ඉතිහාසයේ සිව් වන හොඳම සබඳතාව ද වනවා.  

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණ 305 ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් පන්දුවාර 46යි පන්දු 5කදී සියල්ලන් දැවී ශ්‍රී ලංකාවට රැස් කළ හැකි වු‍යේ ලකුණු 238ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here