දිල්ලි පිලේ සැර බාල කරමින් වෝනර් – සාහා – රෂිඩ් හයිද්‍රාබාද් පිල දිනවයි …(Match Highlights VIDEO)

අයි.පී.එල්. තරගාවලිය යටතේ පසුගිය 27 වන දින පැවැති 47 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් හමුවේ ලකුණු 88ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට හැකි විය.

අදාළ ජයත් සමග සහභාගි වූ තරග 12න් 5ක ජය වාර්තාකර ගනිමින් කණ්ඩායම් අතර හයවැනි ස්ථානය දක්වා පැමිණීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිලට හැකි විය. යම් හෙයකින් තරගයේ ජය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හිමි වූයේ නම් මෙවර තරගාවලියේ මුල් කණ්ඩායම් හතර අතර ස්ථානයක් ස්ථිර කරගන්නා පළමු කණ්ඩායම වීමට ඔවුන්ට අවස්ථාවක් තිබුණි. මේ වන විට තරග 12න් 7ක ජය වාර්තාකරගෙන සිටින දිල්ලි කණ්ඩායම කණ්ඩායම් අතර තුන්වැනි ස්ථානයේ පසුවේ.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු දෙකක් දැවී රැස්කළ ලකුණු 219ක් රැස්කළ අතර ඉලක්කය හඹාගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 131ක් පමණි.

සන්රයිසස් හයිද්‍රාබාද් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක ඩේවිඩ් වෝනර් සහ රිද්දිමාන්
සාහා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සබඳතාවක් පැවැත්වීය. පළමු කඩුල්ල
වශයෙන් වෝනර් දැවී යන විට පන්දු 34කදී හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 66ක් රැස්කර ගත්තේය. එහිදී වේගවත් පිති ප්‍රහාරයක නියැලුණු රිද්දිමාන් සාහා ලකුණු 87ක් රැස්කර ගත්තේය. අදාළ ලකුණු සංඛ්‍යාව සඳහා සාහා පන්දු 45ක් වැයකර තිබුණු අතර
ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර 12ක් අන්තර්ගත විය. ඒ හේතුවෙන් තරගයේ වීරයා
සම්මානයත් ඔහුට හිමි වූයේය.

පන්දු යවන්නන් අතර අංක එකේ පසුවන දිල්ලි පිලේ කාගිසෝ රබාඩා හයිද්‍රාබාද් පිතිකරුවන්ගෙන් දැඩි ප්‍රහාරයකට ලක්විය. එහිදී රබාඩා යැවූ පන්දුවාර 4 දී ලකුණු 54ක් වාර්තා කිරීමට ප්‍රතිවාදීන්ට හැකි විය.

හයිද්‍රාබාද් වෙනුවෙන් පන්දු යැවීමේදී දඟ පන්දු යවන්නන් කැපී පෙණුනු අතර ඔවුන්ගෙන් රෂීඩ්ඛාන් පන්දුවාර හතරකදී ලකුණු 7කට කඩුලු 3ක් දවා ගත්තේය.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරබන්න

https://www.iplt20.com/video/222887/m47-srh-vs-dc-match-highlights?tagNames=highlights,indian-premier-league

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here