දිමුත් පොලිස් අත්අඩංගුවට පත්වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කළ දිමුත් කරුණාරත්න අද (31) අලුයම පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඒ බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරීමේ වරදටය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ආකාරයට දිමුත් කරුණාරත්න විසින් පදවාගෙන පැමිණි මොටර් රථය අලුයම 5.15 පමණ බොරුල්ල කිංසි පාරේදි ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත. මේ අවස්ථාව වන විට බීමත්ව සිට ඇති බවද අනාවරණය වී තිබේ. ඒ හේතුවෙන් ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ෂණ සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here