දිමුත් කරුණාරත්නට උසස්වීමක් ..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ඊයේ ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වර්ගීකරණයට අනුව ශ්‍රේණිගත ලකුණු 733ක් සමගින් පිතිකරණ ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට හැකිවී ඇත. 

පසුගියදා සංචාරක නවසීලන්තය කණ්ඩායම සමගින් පැවති ටෙස්ට් තරගාවලියේ, ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගැනීමෙන් අනතුරුව ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ 8 වැනි ස්ථානයට පත්වීමට හැකිවිය ඔහුට හැකිවිය. පසුව කොළඹදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගෙන ලකුණු අතරට පිවිසීමෙන් පසු එම වර්ගීකරණයේ 6 වැනි ස්ථානය දක්වා පැමිණීමට ඔහු සමත් වී ඇත.

සමස්ත ටෙස්ට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වීමේ අවස්ථාව හිමිවුයේද දිමුත් කරුණාරත්නටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here