දිමුත්ට රුපියල් ලක්ෂ 13කට වැඩි දඩයක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන නායක දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් 7500ක හෙවත් රුපියල් ලක්ෂ 13කට අධික මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කර ඇති බව වාර්තා වන්නේ බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමේ වරදට සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුවය. ඒ ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම කඩකිරීම හේතුවෙනි.

පසුගිය ජනවාරි 31 වැනි දින අලුයම දිමුත් විසින් බීමකීන් සිය මෝටර් රථය ධාවනය කර ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. ඉන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් දිමුත්ව පසුව ඇප මත නිදහස් කර තිබුණි. එම සිදුවීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය විසින් සිදුකළ පරීක්සණයකින් අකතුරුව මෙම දඩ මුදල දිමුත්ට නියම කර ඇත්තේ එක් ටෙස්ට් තරගයක් තරග ගාස්තුවක් (ඇ. ඩොලර් 7500ක්) දඩ වශයෙන් නියම කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here