දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකාව රිදියෙන් සරසයි

මේ දිනවල ඩුබායිහි පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ පිරිමි එෆ් 46 කාණ්ඩයේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිකර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත සමත් විය.

දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කර මානුෂික මෙහෙයුමේදී 2008 වසරේදී ආබාධයට ලක්ව සේවයෙන් විශ්‍රාම ගත් කෝප්‍රල්වරයෙකි.

ඔහු 2016 වසරේදී පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසි කිරීමෙන් ලෝකඩ පදක්කමක් සහ 2017 වසරේදී පැරා ලෝක ශුරතා මලල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ පිරිමි එෆ් 46 කාණ්ඩයේ ඉසව්වෙන්ම රිදී පදක්කමක් දිනාගෙන තිබේ.

දිනේෂ් ප්‍රියන්ත හේරත් (නායක), අමිල ප්‍රසාන්, නුවන් ඉන්දික, ඒ.ජී.යූ.අයි චූලදාස, කේ.ඒ.එස් දුලාන්, එච්.ඒ.සී.එස් හෙට්ටිආරච්චි, එච්.ජී පාලිත බණ්ඩාර, අයි.සී.එන්.බුද්ධික සහ කුමුදු ප්‍රියංක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here