දිනන්න ඕනෑ නම් පරණ විදියට වැඩේ කරන්න – මහේල ජයවර්ධන

ලෝක කුසලාන තරගාවලියේ පෙරේදා (15) ඕස්ට්‍රේලියාව සමග පැවති තරගය පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉස්සර වගේම තරග ජයගැනීමට අවශ්‍යය නම් කළ යුතු දේවල් පිළිබඳව හිටපු කණ්ඩායම් නායක මහේල ජයවර්ධන මහතා අදහස් දක්වා තබේ.

ඔහු එහිදි සඳහන් කලේ තරග ජයගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සර කළ දේම වර්තමානයේදීත් කළ යුතු බවයි.

“ අපිට අවශ්‍ය වෙලා තිබුනේ හොඳ සබඳතා දෙකක් පමණයි. එහෙම වුනා නම් මිචෙල් ස්ටාක්ගේ අවසන් පන්දුවාර කිහිපයෙන් පහසුවෙන්ම බේරෙන්න තිබ්බා. අනෙක් පන්දුයවන්නන් අපිට එකරම් ගැටලුවක් වුනේ නැහැ. නමුත් නැවත වතාවක් මැද පෙළ කඩා වැටුනා. දකුණු අප්‍රිකාවට එරෙහි පුහුණු තරගයේදීත්, නවසීලන්ත, ඇෆ්ගනිස්තාන තරග වලිදීත් වුනේ මේකමයි.

මැක්ස්වෙල් පන්දු යවන්න ආපු වෙලාවේ අපේ වමත් පිතිකරුවන් හිරවුනා. ඔහු කණ්ඩායමේ පස්වැනි පන්දුයවන්නා. අපිට ඔහුව පීඩනයට ලක්කරන්න බැරිවුනා. ඔවුන්ට මැක්ස්වෙල් හමුවේ ලකුණු රැස්කරන්න තිබුණා. එහෙම වුනා නම් ඕස්ට්‍රේලියාවට වෙනත් විකල්පයක් නැතිව යනවා. නමුත් මැදපෙළ ක්‍රීඩකයන් හරිහැටි තරගය පාලනය නොකරන එක ලොකු ගැටලුවක්.

ඔවුන් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්. අපේ බලාපොරොත්තු කඩවෙන්නේ ඒ නිසායි. ඔවුන් වෙනත් ආකාරයකට ලකුණු අතරට එන්න උත්සහ කරනවා. නමුත් එකම ක්‍රමය තමයි පැරණි විදියට වැඩේ කරන එක. ඒ කියන්නෙ කඩුල්ලෙ රැඳෙමින් ක්‍රීඩා කරන එක. අපිට ඒ දෙය කරන්න තිබුණා ලැබුන විශිෂ්ට ආරම්භයත් එක්ක. ලකුණු 50 සබඳතා දෙකක් තිබුනා නම් අපිට ඕස්ට්‍රෙලියාවට පීඩනය එල්ල කරන්න තිබුනා. එහෙම වුනා නම් තරගයේ පාලනය අපි සතුවෙනවා.

කණ්ඩායම් දෙකේම වේගපන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළා. නමුත් කණ්ඩායම් දෙකේම ප්‍රධාන දඟපන්දු යවන්නෙක් ක්‍රීඩා කළේ නැහැ. නමුත් ඔබට මැද පන්දුවාර වලට දඟපන්දු යවන්නෙක් අවශ්‍යයි.

අපේ පන්දුයවන්නන් හොඳින් පන්දු යැව්වා. නමුත් ඔවුන් කඩුලු ලබාගත්තේ නැහැ. හොඳ පිතිකරුවන් සිටින කණ්ඩායම් ලකුණු 280කට, 270කට සීමා කරන්න නම් මැද පන්දුවාර වල කඩුලු ලබාගන්න ඕනි.

ශ්‍රී ලංකාවට හොඳ දඟපන්දුයවන්නෙක් හිටියා නම් තරගය වෙනස් වෙන්නත් තිබ්බා. මම හිතුවා ඔවුන් ජීවන් මෙන්ඩිස්ව යොදාගනී කියලා. ඔහුට පන්දුවට පහරදෙන්නත් පුලුවන් නිසා.

දැන් ඔවුන්ට තරග දෙකක්වත් දිනන්න වෙනවා අවස්තාවක් ලබාගන්න. නමුත් ඉතිරිව තියෙන්නේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්ව හා ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායම් වලට මුහුණදෙන්න. මීළග තරගය එංගලන්තය සමග. ඔවුන්ට ඒ සඳහා පාකිස්තානයේ ක්‍රීඩා විලාශය හොඳින් අධ්‍යනය කරන්න වෙනවා. පාකිස්තානය එංගලන්තය හමුවේ ඔවුන්ගේ සුපුරුදු ස්වභාවික ක්‍රීඩා විලාශයෙන් ක්‍රීඩා කළා. ඒ නිසාම ඔවුන් ජයග්‍රහණය කළා.
ඔවුන් මැද පන්දුවාර වලදී එංගලන්ත පන්දුයවන්නන්ට හොඳින් පහරදුන්නා. මෙහොමඩ් හෆීස් ඉනිම මැද හොඳින් පාලනය කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here