දික්වැල්ලගේ දැවීයෑමෙන් පසු තරගය යළිත් කැන්ගරු අණසක යටතට

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 56.4කදී සියල්ලන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 144ක් පමණි. එහිදී හුදෙකලා සටනක නිරත වූ නිරෝෂන් දික්වැල්ලගේ දැවීයෑමෙන් පසු තරගය සම්පුර්ණයෙන්ම පාහේ යළිත් කන්ගරුවන්ගේ අනසකට යටත්ව ඇති අයුරු දැකගත හැකි විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දික්වැල්ල පන්දු 78කදි ලකුණු ලකුණු 64ක් රැස්කරගනු ලැබුවේ එක්දින තරගයක අසිරිය ප්‍රේක්ෂකයන්ට දනවමිනි.

ශ්‍රී ලංකා ඉනිමේදී දිමුත් කරුණාරත්න 24ක්, කුසල් මෙන්ඩිස් 14ක් සහ ලහිරු තිරිමාන්න 12ක් වශයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට පිත්තෙන් දායකත්වය ලබාදුන් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට නොහැකිවීමෙන් ශ්‍රී ලංකාව ඇති ගැටලුව මනාව හඳුනාගත හැකිවනු ඇත.

පන්දු යැවීමෙදී කඩුලු බෙදි ගියේ පැට් කමින්ස් කඩුලු 4ක් ද, ජේ. රිචඩ්සන් කඩුලු 3ක්, මිචෙල් ස්ටාක් කඩුලු 2ක් සහ ලයන් එක් කඩුල්ලක් වශයෙනි. මේ වනවිට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here