දස වසරකට පසු එක්දින තරගාවලියකට ශ්‍රී ලංකා පිල පකිස්ථානයට

    එක්දින තරගාවලියක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ආයතනයේ පැවති ආගමික වතාවත් වලින් අනතුරුව ඊයේ පෙරවරුවේ පාකිස්ථානය බල පිටත් වුනා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයක් සදහා සහභාගී වන්නේ වසර 10 කට පසුවයි.

    ශ්‍රී ලංකා – පාකිස්ථාන ක්‍රිකට් තරගාවලියට එක්දින තරග 3 ක් හා 20/20 තරග 3 ක් ඇතුලත්ය.

    ප්‍රධාන ක්‍රීඩකයින් දස දෙනෙකු මෙම සංචාරය ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්න විසින් දරනු ලබන අතර 20/20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක දරයි.

    මෙම තරගාවලියේ පළමු එක්දින තරගය සැප්තැම්බර් 27 කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here