දසුන් ශානකගේ ප්‍රහාරය අපතේ යැවූ ඇන්ඩ්‍ර් රසල්

අබුඩාබිහිදී පැවැත්වෙන පන්දුවාර 10 T10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට Northen Warriors කණ්ඩායම ඊයේ (15) සමත්විය. ඒ Maratha Arabians කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමිනි. 

කාසියේ වාසිය දිනාගත් Northen Warriors කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් Maratha Arabians නියමිත පන්දුවාර10 තුළ කඩුලු 6ක් බිඳවැටී ලකුණු 86ක් ලබාගැනීමට සමත්විය. දසුන් ශානක ලකුණු 34ක් ලබාගත්තේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමිනි.

ලකුණු 87ක ඉලක්කයක් හඹාගිය Northen Warriors කණ්ඩායම පන්දුවාර 7කදී පහසුවෙන් තරගය ජයගනු ලැබුවේ එක් කඩුල්ලක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමිනි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 24කින් ලකුණු 58ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්වූ ඇන්ඩ්‍ර රසල්ය.

ශ්‍රී ලංකිංක ක්‍රීඩකයන්ගේ දස්කම්

Maratha Arabians

දසුන් ශානක – 34 (19)

වනිඳු හසරංග – 0 (3)

ලසිත් මාලිංග – 2-0-23-0

Northen Warriors

නුවන් ප්‍රදීප් – 2-0-22-1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here