දසුන්ට කොදෙව් යන්න බැරවුනේ පාස්පොට් ගැටලුවක් නිසා නොවෙයිලු

ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට ඊයේ (23) බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගී වීම සඳහා සෙසු ක්‍රීඩකයන් සමග එරටට යෑමට නොහැකි වූයේ දසුන්ගේ ගමන් බලපත්‍රය අස්ථාන ගතවීම නිසා නොවන බව වාර්තා වේ.

එනමුත් ඊයේ මාධ්‍ය වාර්තා පලවූයේ ඔහුගේ ගමන් බලපත්‍රය අස්ථානගතවීම නිසා මහ වීසා බලපත්‍ර ගැටලුවක් හේතුවෙන් ඊයේ විදෙස් ගතවීමට දසුන්ට නොහැකි වූ බවයි.

දසුන්ට මීට පෙර වසර පහකට අදාළව ඇමෙරිකානු වීසා ලැබු තිබුනද, එම වීසා ඇතුළත් ගමන් බලපත්‍රය අස්ථාන ගතවී ඇත. එමනිසා නව ගමන් බලපත්‍රයක් අයැදුම් කිරීමට පමාවීම හේතුවෙන් ඔහුට වීසා ලැබීම ප්‍රමාද වී ඇත. එම හේතුව නිසා ඊයේ විදෙස් ගතවීමට නොහැකි වී ඇති අතර, කඩිනමින් විදෙස්ගතවීම සඳහා අදාළ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවද වාර්තා වේ.

-අරුණ-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here