දඟයෝ එංගලන්තය මට්ටු කරයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාලව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (14) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගයේ පළමු දිනය අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දුවාර 12ක් අවසායේදී එක කඩුල්ලක් බිඳවැටී ලකුණු 26ක් වශයෙනි.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව එනගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනාම දැවී ඔවුනට ලබාගත හැකි වුයේ ලකුණු 285ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමු තරගයේදී අබාධයකට ලක්වීම නිසාවෙන් මෙම තරගයේදී නායකත්වයේ වගකීම පැවරී තිබුනේ සුරංග ලක්මාල් වෙතය. චන්දිමාල් වෙනුවට මෙම තරගයේදී රොෂේන් චානක කණ්ඩායමට ඇතුලත් කර තිබු අතර, පළමු තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් රංගන හේරත් වෙනුවට මලින්ද පුෂ්පකුමාර කණ්ඩායමට කැඳවා තිබුණි. එංගලන්ත කණ්ඩායම පළමු තරගයට ක්‍රීඩා කල කණ්ඩායමම විය.

ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය නිසාවෙන් අසරණ වූ එංගලන්ත කණ්ඩායමේ මුල්පෙළ කඩුලු ඉක්මනින් බිඳ වැටෙද්දී කණ්ඩායමේ ගෞරවය වෙනුවෙන් සටන් කල සෑම් කරන වේගවත් ලකුණු 64ක් වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය. ඊට අමතරව ජෝස් බට්ලර් ලකුණු 63කින් සහ ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ලකුණු 43කින් සිය දායකත්වය කණ්ඩායමට ලබාදීමට සමත්වූහ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා බවට පත්වුයේ දිල්රුවන් පෙරේරාය. ඔහු ලකුණු 61කට කඩුලු 4ක් බිඳදැමිය. ඊට අමතරව මලින්ද පුෂ්පකුමාර කඩුලු 3ක් සහ අකිල ධනංජය කඩුලු 2 බැගින් බෙදාගත් අතර නායක සුරංග ලක්මාල් එක කඩුල්ලක් බිඳ දමිඅමට සමත්විය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 22ක් වෙද්දී දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. දැවී ගිය පිතිකරු වූයේ කෞෂාල් සිල්වා ලකුණු 06කට දවාගැනීමට සමත්විමෙනි. එම කඩුල්ල දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ සැදෑ ආරක්ෂකයා ලෙසින් මාලින්ද පුෂ්පකුමාර පිටියට පිවිසි අතර ඔහු දිනය අවසන් වෙන විට එක් ලකුණක් ලබා කඩුල්ල ආරක්ෂා කරගෙන සිටියේ ය. අනෙක් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලබා සිටි ලකුණු සංඛ්‍යාව 19කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here