දකුණු ආසියානු 16න් පහල කාන්තා දැල්පන්දු ශුරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු දැල්පන්දු සම්මේලනය පළමු වරට සංවිධානය කළ දකුණු ආසියානු වයස 16න් පහළ කාන්තා දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කලාපයේ රටවල් පහක සහභාගිත්වයෙන් නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණු මෙම තරගාවලිය 2දා නිමාවට පත්වුණා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය සහ මාලදිවයින යන රටවල් මෙහිදී තරග වැදුනා.

අවසන් පූර්ව වටයේදී නේපාලය පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ඉන්දියාව මාලදිවයින පරාජය කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

අවසන් මහා තරගයේදී පළමු වටය 8-8 ලෙස සමවද, දෙවන වටය 16-4ක් ලෙස ද, තෙවන වටය 11-8 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර, අවසන් වටය 7-8ක් ලෙස පරාජය වුව ද සමස්ත ලකුණු 42-28 ක් ලෙසින් දිනාගැනීම නිසා සමස්ත ශුරතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා නෙත්මි විජේනායක දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයද මෙහිදී හිමිකරගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here