දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලිය සදහා නවකයින් රැසක් සමග පුහුණු වන සංචිතය මෙන්න..

දකුණු අප‍්‍රිකාව සමග ලබන මස ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා පල්ලකැලේදී ආරම්භ කරන ලද පුහුණු සැසියට නවක ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත් කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දෙසැම්බර් මස දෙවැනි සතියේදී දකුණු අප‍්‍රිකාව බලා පිටත් යෑමට මේ වන විට සැලසුම් කර ඇත. එහිදී දින හතක නිරෝධායනයකට යටත්වන ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන මස 20 වැනිදා දකුණු අප‍්‍රිකානු ආරාධිත කණ්ඩායම සමග බෙනෝනි හිදී තෙදින තරගයකට සහභාගි වේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන මස 26 වැනිදා සෙන්චුරියන්හිදී පැවැත්වේ. දෙවැනි තරගය ජනවාරි මස 03 වැනිදා ජොහැනස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප‍්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, මිනෝද් භානුක, සන්තුෂ් ගුණතිලක, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here