දකුණු අප්‍රිකාව අවමානයෙන් ගැලවෙන්න විශ්‍රාම ගිය ඩිවිලියස්ව ලෝක කුසලානයට කැඳවයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව සහභාගී වූ තරග තුනම පරාජයට පත්වීමෙන් පසුව ලෝක කුසලානය පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු තබාගැනීමට නම් ඔවුනට මීළඟ තරග ජයගැනීම අතිශයින්ම වැදගත්වී ඇත. ඒ නිසාවෙන්ම පසුගිය වසරේ මැයි මාසයේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ඒ,බී, ඩිවිලියස්ව ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට පියවරගෙන ඇති බව වාර්තා වේ.

දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු වන ඩේල් ස්ටේන් උරහිසේ ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකාව තවත් අපහසුතාවයට පත්ව ඇත. ඔහුගෙන් හිස්වන ස්ථානයට ප්‍රවේගකාරී පිතිකරුවෙක් වන ඩිවිලියස්ව යොදාගැනීම කෙරෙහි එරට තේරීම් කමිටුවේ හා නායක ෆැෆ් ඩූ ප්ලෙසිස්ගේ අවධානය යොමුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here