දකුණු අප්‍රිකාවට 204ක ඉලක්කයක්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් මේ වනවිට එංගලන්තයේ රිවර් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගිනි.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිගේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.3ක් අවසනදී සියලුම ක්‍රීඩකයන් දැවී ලබාගතහැකි වූයේ ලකුණු 203ක් පමණි.


අද (28) දිනයේ යැවු පළමු පන්දුවෙන්ම නායක දිමුත් කරුණාරත්න ආපසු හරවා යැවීමට රබාඩා සමත් විය. ඉන් අනතුරුව කුසල් ජනිත් හා අවිශ්ක ප්‍රනාන්දු එක්ව වෙිගවත් ආරම්භයක් ලබාගත්තද, සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට දකුණු අප්‍රිකානුවන් ඉඩ ලබාදුන්නේ නැත. ඔවුන් දෙදෙනාම ලකුණු 30 බැගින් ලබාගැනීමට සමත්වූහ. පන්දු යැවීමේදී ප්‍රිටෝරියස් හා ක්‍රිස් මොරිස් කඩුලු තුන බැගින් ලබාගැනීමට සමත්වූහ.

දකුණු අප්‍රිකාව මේ වනවිටත් මූලික වටයෙන්ම ඉවත් වී ඇති අතර, අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජයගැනීම අතිශයින් තීරණාත්මකය. එපමණක් නොව ජූලි 1වැනිදා මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය සමග තරගය ජයගැනීමට ද එය මහත් උපකාරයක් වනු නියතය.

දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 204ක් ආරක්ෂා කරගැනීම අභියෝගයක් වුවද, තරමක් මන්දගාමී මෙම තණතීරුවෙිදී ඉතා හොඳින් පන්දු යවා නිසි ලෙස පන්දු රකින්නේ නම් ප්‍රතිවාදීන්ට ඉතා හොඳ පීඩනයක් එල්ල කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here