දකුණු අප්‍රිකාවට වැහි දෙවියන්ගෙන් සහනයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) පැවැති දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයඅතර පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමූ අතර ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවිය.

මෙතෙක් තරග තුනකට සහභාගී වී එම සියලුම තරග පරාජයවී සිටි දකුණු අප්‍රිකාවට නම් එය සුවිසල් සහනයක් වනු නොවනුමානය. ඔවුන් මේ වනවිට තරග හතරකට සහභාගී වී එක් ප්‍රසාද ලකුණක් ලබාගෙන 9 වැනි ස්ථානයේ රැදී සිටී. කොදෙව්වන් ප්‍රසාද ලකුණු 3ක් ලබාගෙන 5 වැනි ස්ථානයේ රැදී සිටීන්නේ තරග 4කට සහභාගීවීමෙන් අනතුරුවය.

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය නායකයා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. එහෙත් වර්ෂාව හරස්වීම නිසා ඔවුනටබයැවීමට හැකිවූයේ පන්දුවාර 7.3ක් පමණි. ඒ වනවිට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව දැක්වූයේ කඩුලු 2කට ලකුණු 28ක් ලෙසිනි.

දිගින් දිගටම ඇඳ හැලුනු වර්ෂාව හේතුවෙන් තරගය ඉන් අනතුරුව අත්හැර දමනි ලදි.

අද (11) ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරගය ප.ව. 3.00 ආරමභවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here