දකුණු අප්‍රිකාවට තුනම නෑ

ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සමඟින් ඊයේ (05) පැවති තරගය කඩුලු 6කින් පරාජයට පත්වීමත් සමග දකුණු අප්‍රිකාව මෙතෙක් සහභාගී වූ තරග 3ම පරාජයට පත්වූ එකම කණ්ඩායම බවට පත්ව ඇත. එම තරගය සවුත් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගැනිමෙන් අනතුරුව ප්‍රබල ඉන්දියාවට එරෙහිව පළමුවපන්දුවට පහරදීමට අප්‍රිකානුවන් තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 89කට බිඳහෙලීමට ඉන්දියානු පන්දු යවන්නන් සමත්විය. ඒ අනුව ප්‍රබල පසුබැසීමකට පත්ව සිටි දකුණු අප්‍රිකානු ඉනිම කඩුලු 9කට ලකුණු 227 දක්වා ඉහළට ඔසවා තැබීමට මැදපෙළ පිතිකරුවන් සමත් වය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ක්‍රිස් මොරිස් ලකුණු 42ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී චාහල් කඩුලු 4ක් බිඳදැමීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ඉන්දියානුවන්ටද පහසුවෙන් තරගය ජයගැනීමට ඉඩකඩ ලබානොදුන් දකුණු අප්‍රිකානුවන් තරගය 48 වැනි පන්දුවාරය දක්වා රැගෙනඒමට සමත්විය.

ඉන්දියාව වෙනුවෙන් විශ්ෂ්ට පිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 122ක් ලබාගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. පන්දුයැවීමේදී රබාඩා කඩුලු 2ක් බිඳදැමීය.

ලෝක කුසලාන තරගාවලිදී ඉතා අවසනාවන්ත කණ්ඩයමක් ලෙස සැළකෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආත්ම විශ්වාසයකින් යුතුව ඉදිරියට යාමට නම මෙම තරගය ජයගැනීම ඉතා වැදගත්ව තිබිනි. එලෙස පීඩනයකින් යුතුව දකුණු අප්‍රිකානුවන් ක්‍රීඩා කරද්දි ඉන්දියානුවෙන් සැහැල්ලුවෙන් ක්‍රීඩා කරනු ලැබුවේ මෙය ඔවුන්ගේ පළමු තරගය වූ බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here