ඉන්දියාව හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ඉන්දියාවේ බැංගලෝර් හි පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 9 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 134 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 5 ක් තුල එක් ක්‍රීඩකයකු පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කිරීමට සමත් වුනා.