දක්ෂතම කනිෂ්ඨ ස්කොෂ් ක්‍රීඩකයා දුවින්ක – ක්‍රීඩිකාව කසුනි

29 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශුරතා තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ දුවිංක පෙරේරා සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වුයේ කොළඹ විශාකා විද්‍යාලයේ කසුනි ගුණවර්ධනය. ජාතික ස්කොෂ් සංගමය විසින් සිලෝන් බිස්කට් ලිමිටඩ්හි “රිට්ස්බරි” අනුග්‍රහයෙන් තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පවත්නා ලදී.

මෙවර තරගාවලියේදී වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි කනිෂ්ඨ ක්‍රීඩකයා වශයෙන් කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයේ නෙවින්දු ලක්මාල් සම්මාන ලැබූ අතර, බලාපොරොත්තු තබගත හැකි කනිෂ්ඨ ක්‍රීඩිකාව බවට පත්වුයේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ චනිත්මා ශේනාලිය.

වයස අවුරුදු 9න් පහළ, 11න් පහළ. 13න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ වශයෙන් මෙහිදී තරග පැවැත්විණි. බාලක හා බාලිකා යන අංශ දෙක යටතේම මෙම තරගාවලියේදී තරග පැවැත්වුණු අතර, ඒ සඳහා පාසල් 27ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික සංඛ්‍යාවක් සහබාගි වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here