තේරීම් කමිටුවෙන් හතුරුසිංහ ඉවත් කරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාට තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබූ අවස්ථාව ඉවත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය ඊයේ(29) තීරණය කර තිබේ.

ඒ සමගම ඊයේ (29) දිනයේ සිට තරග සංචාරයක් අතරතුරදී අවසන් ක්‍රීඩකයින් 11දෙනා තේරීමේ අවස්ථාව හතුරුසිංහ මහතාට අහිමි වනු ඇත. මේ අනුව අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් තේරීම් කමිටුවට තරගාවලියක් සඳහා ක්‍රීඩකන් තෝරාගැනීම මෙන්ම තරගයක් සඳහා ක්‍රීඩාකරන අවසන් ක්‍රීඩකයන් 11දෙනා තේරීමේ අවස්ථාව ද ලැබී තිබේ.

හතුරුසිංහ මහතා තේරීම් කමිටු සාමාජිකයෙකුව සිටීමෙන් ක්‍රීඩාවට හානියක් වන බවට වර්තමාන තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාට කරුණු දක්වා තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණයට එළඹ ඇති බවත් වාර්තා වේ.

තේරීම් කමිටු සභාපතිවරයාට අමතරව හේමන්ත වික්‍රමරත්න, බ්‍රෙන්ඩන් කුරුප්පු හා චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන් සෙසු තේරීම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර ඔවුන්ගෙන් එක් අයෙකූ සෑම තරගාවලියකටම සහභාගී වන අතර මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියානු සංචාරයේදී එම වගකීම පැවරී ඇත්තේ හේමන්ත වික්‍රමරත්න මහතාටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here