තිසර BPL පිටිය හොල්ලයි

මේ දිනවල බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් හා කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම් අතර පසුගියදා පැවතී තරගයකදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට ලකුණු 7ක තියුණු ජයක් හිමිවුයේ තිසර පෙරේරාගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙනි. ඒ නිසාවෙන්ම තරගේ විරය සම්මානය ද තිසරට හිමිවිය.

එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට ලකුණු 153 රැස් කළේය. පිළිතුරු වශයෙන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 149ක් පමණි.

තිසර පෙරේරා 6 පහර 3ක් සමගින් ලකුණු 26ක් පිත්තෙන් සිය කණ්ඩායම එකතු කල අතර, පන්දු යැවිමේදී ලකුණු 14කට කඩුලු 3ක් ද බිඳහෙලීමට සමත්විය. තරගයේ 19 වැනි පන්දු වාරයේදී තිසර පෙරේරා ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ එක ලකුණක් පමණක් වීම විචාරකයන්ගේ නොමඳ පැසසුමට හේතුවක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here