තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් මේජර් නිලයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින්ව ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් නිලය දක්වා උසස් කර තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ඊයේ (09) ඔවුන් පදක්කම් පලඳනු ලැබුවා.

යුද හමුදාවේ 71 වෙනි සංවත්සරයට සමගාමීව ඔවුනට මෙම උස්සවීම ලබාදී තිබුණා.

මේජර් තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුවද, මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුදෝපකරණ බලකාය ද නියෝජනය කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here