තිසරගෙන් 6 පහර 6ක්

අන්තර්සමාජ ප්‍රීමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ යුද හමුදාව සහ බ්ලුම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජය අතර අද (28) පැවැති තරගයේදී යුද හමුදා කණ්ඩායම් නායක තිසර පෙරේරා ඉනිමේ 40 වැනි පන්දුවාරයේදී පිට පිට පන්දු 6කදී 6 පහර 6ක් එල්ල කළේය.

තිසර මෙම ප්‍රහාරය එල්ල කළේ බ්ලුම්ෆිල්ඩ් ක්‍රිඩා සමාජයේ දිල්හාන් කුරේගේ පන්දු වාරයකටය. එම තරගයේදී පන්දු 13කින් ලකුණු 52ක් රැස්කරමින් වෙගවත් අර්ධ ශකතයක් ලබාගැනීමට ද තිසරට හැකිවිය.

පන්දුවාර 41ක තරගයක් ලෙස පැවැති මෙම තරගය විසදුමකින් තොරව අවසන් විය.

පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම කඩුලු 3ක් පමණක් බිඳ වැටී පන්දුවාර 41කදී ලකුනු 318ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැංවීය. එහිදී අශාන් රන්දික ලකුණු 124ක් සහ හිමාශ ලියනගේ නොදැවී ලකුණු 101ක් ලබාගත්හ. පන්දු යැවීමේදී උස්මාන් ඉෂාක් ලකුණු 67කට කඩුලු 2ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බිලුම්ෆිල්ඩ් කන්ඩායමට පන්දුවාර 17කදී කඩුලු 6ක් බිඳ වැටී ලබාගතහැකි වූයේ ලකුණු 73ක් පමණි. එහිද කසුන් ඒකනායක ලකුණු 36ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී දසුන් විමුක්ති ලකුණු 16කට කුඩුලු 3ක් සහ සුමින් ද ලක්ෂාන් ලකුණු 23කට කඩුලු 2ක් බිඳ හෙලුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here