තිසරගෙන් තවත් වාර්තාවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා වාර්තා කිහිපයක් පිහිටුවන්නට සමත්විය.

එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල ශ්‍රී ලාංකික පිතිකරුවෙක් එක තරගයකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව එදින තිසරගේ පිත්තෙන් වාර්තා විය. ඒ හයේ පහර 13ක් සමගිනි. මිට පෙර එම වාර්තාව සතුවුයේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රවේගකාරීම ආරම්භක පිතිකරුව වූ සනත් ජයසුරියගේ පිත්තෙනි. ඔහු වාර්තාකර තිබුනේ හයේ පහර 11කි.

තිසර පෙරේරා සතුවූ අනෙක් වාර්තාව වුයේ නවසිලන්ත කණඩායමට එරෙහිව ඕනෑම කණ්ඩායමක පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයයි. එදින ඔහුගේ ශතකය වාර්තාවූයේ පන්දු 57කිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7ක් බිඳවැටී ලකුණු 319ක් රැස්කිරීමට සමත් වුහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46 පන්දු 2කදී ලබාගත හැකිවුයේ ලකුණු 298ක් පමණි. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරගාවලිය ජයගැනීමට නවසීලන්තය සමත් විය.

මුල්පෙළ පිතිකරුවන් අතුරින් සාර්ථක වීමට ලැබුනේ ධනුෂ්ක ගුණතිලකට පමණි. ඔහු ලකුණු 71ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට දායාද කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සබඳතාවය වාර්තාවූයේ නායක ලසිත් මාලිංග හා තිසර පෙරේරා අතරය. එය ලකුණු 75න් හාමර විය.

ලකුණු 128ට කඩුලු 7ක් බිඳ වැටි තිබුණු ශ්‍රී ලංකා ඉනිමට අසලකවත් නොතිබූ ජයග්‍රහණයක බලාපොරොත්තු රැගෙන අවේ සටන්කාමි ඉනිමක නිරතු වූ තිසර පෙරේරාය. ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 22ක් ඉතිරිව තිබු අතර ජයග්‍රහණයට අවශ්‍යව තිබුනේ තවත් ලකුණු 21ක් පමණි. ඒ නිසාවෙන්ම තිසරගේ ගිනිකෙළි සංදර්ශනය හමුවේ නවසිලන්ත ක්‍රීඩකයන්ට බලාසිටිනවා හැර කළ හැකි අන් යමක් නොවිය. ඔවුන්ගේ සියලුම පන්දු යවන්නන්ට දිගට හරහට බටදුන් තිසර පෙරේරා තමාගේ මංගල එක්දින ශතකය පන්දු 57ක් වාර්තා කළ අතර, අවසන් පිතිකරුවා ලෙස දැවී යනවිට පන්දු 74කින් ලකුණු 140 වාර්තා කර තිබුණි. ඔහුගේ සටන්කාමි ඉනිම අපතේ ගියද එයට යම් පමණක හෝ සාධාරණයක් ඉටු වුයේ තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවීම නිසාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here