තායිලන්ත විවෘත පැරා මේසපන්දු රන් පදක්කමක් ශ්‍රී ලංකාවට

තායිලන්ත විවෘත පැරා මේසපන්දු තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියසාද් පසුගියදා සමත් විය. තායිලන්ත මේසපන්දු සම්මේලනය හා තායිලන්ත පැරා මේසපන්දු සම්මේලනය එක්ව සංවිධානය කර තිබු තරගාවලිය තායිලන්තයේ චෙයින් මැයි නුවර ඛාන් ලැන් ටොන්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගය සඳහා දිනේෂ් සමඟින් තරග වැදුනේ හොංකො ක්‍රීඩක වොන්ග් චයි උන්ය. එහිදී තරග වට 3-2ක් ලෙස ජයගැනීමට දිනේෂ් සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here