තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගින් පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව අද (28) සමත්විය. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගනිමින් තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකවිය.

කාසියේ වාසිය දිනාගත් බංගලාදේශය නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් බිඳවැටි ලකුණු 238ක් ලබාගැනීමට සමත්විය. මුසුෆිකර් රහීම් නොදැවී ලකුණු 98ක් රැස්කිරීමට සමත්විය.

ලසිත් මාලිංගගේ සමුගැනීමෙන් පසුව පැවති පළමු තරගය මෙය වන අතර, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් හා අකිල ධනංජය අතරේ කඩුලු 3 බැගන් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 42කදී ජයග්‍රාහී ඉලක්කය සපුරාගත්තේ කඩුලු 3ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමිනි.

අවිශ්ක ප්‍රනාන්දු අවාසනාවන්ත ලෙස ලකුණු 82කට දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52 ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 41ක් ලබාගත්හ. පන්දුයැවීමේදී මුස්ටෆිසර් රහමාන් කඩුලු 2ක් බිඳදැමීමට සමත්විය.

තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රාන්නදුට හිමිවිය. තරගාවලියේ අවසන් තරගය ජූලි 31 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදිම දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here