තමීම් ඉක්බාල්ට ICCයෙන් දඩ සහ දඩුවම් ලකුණක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අතරතුරදී බංග්ලාදේශ නායක තමිම ඉක්බාල් විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම සංග්‍රහය කඩකිරීම හේතුවෙන් ඔහුට තරග මුදලින් සියයට 15ක් දඩ වශයෙන් නියම කර ඇත.
ඊට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට දඩුවම් ලකුණක් ද ලබාදී ඇත. තමීම්ට මෙලෙස දඬුවම් කර ඇත්තේ බංග්ලාදේශ ඉනිමේ 10 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේදී කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගිය අවස්ථාවේදී පිටිය තුළදී ඔහු හැසැරුණ ආකාරය හේතුවෙනි.
එහිදී පිටියේ විනිසුරු ඔහු දැවී ගිය ක්‍රීඩයකු ලෙස නම් කිරීමෙන් පසු තමිම් විසින් විනිසුරු තීරණය නැවත විමසීමේ අවස්ථාව ලබාගත්තේය. ඉන්පසුව ද හෙතෙම දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීම නිසා තමිම් පිටිය මැද අසභ්‍ය වචන භාවිතා කළ බව පිටියේ විනිසුරුවන් විසින් තරග තීරක නෙයමූර් රෂිඩ් වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව හෙතෙම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ඒ බව දැනුම් දී ඇත. ඉන් අනකුරුව සිදුකළ විමර්ශනයකින් පසු මෙලෙස දඩ නියම කර තිබේ.
තමිම් විසින් අදාළ වරද මාස 24 කාලයනදී සිදුකළ පළමු වතාව බැවින් ඔහුට ඊට අදාළව දඩුවම් ලකුණක් ද ප්‍රදානය කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here