තණ තීරුව දඟපන්දු යවන්නන්ට වාසිදායකයි – මිකී ආතර්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හෙට (04) අලුයම ආරම්භ වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ තණතීරුව දඟ කැවෙනු ඇති බවත්, ඒ අනුව එය ශ්‍රී ලංකික දඟපන්දු යවන්නන්ට වාසිදායක වනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකි ආතර් පැවසීය. 

ඔහු මේ බව පැවසුවේ තරගයට පෙර මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

පුහුණුව සඳහා ලැබුණු තණතීරුව හොඳින් දඟ කැවුණු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

තවද නවකයන් රැසකින් සමන්විත සිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දක්ෂතා අතරට පැමිණ එළැඹෙන විස්සයි විස්ස  ලෝක කුසලාන තරගාවලි⁣යේදී යමක් කළහැකි වනු ඇතැයිද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here