ශ්රී ලංකාවේ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඊයේ (11) පැවැති යුරෝපා ලැම්බොගිනි සුපර් ට්රොෆියෝ තරග මාලාවේ දෙවැනි තරගයේ දී දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. මෙම තරගය ස්පාඤ්ඤයේ බාසිලෝනාහිදී පැවැත්විණි .
මේ වනතුරු කිසිදු අනුග්රහයක් නොමැතිව තරඟ වලට සහභාගී වූ නමුත් මෙවර රජය සහ ආයතනයන්ගෙන් ලබාදුන් සහයෝගයට ඉමහත් ස්තුතිය පල කරන බව ඔහු ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිට සිය සමාජ ජාලය වෙත සටහනක් එක් කර තිබේ.