ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලන විධායක කමිටුවට

ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් මහතා ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට තේරී පත්ව ඇත. ඒ අද (18) තායිලන්තයේ බැංකොක්හිදී පැවති ආසියානු බොක්සිං සම්මේලන නිලවරණයේදීය.


ඒ මහතාට අමතරව මෙම විධායක කමිටුවට දකුණු ආසියාතිකයෙකු ලෙස තේරී පත්ව ඇත්තේ ඉන්දියාවේ ජේ. කෝලි මහතා පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here