ටෙස්ට් තරගාවලියේ වීරයා ලක්මාල්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමි විය. ඒ තරග දෙකකදී කඩුලු 11ක් ලබාගැනීම හේතුවෙනි.

තරගාවලියෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ලක්මාල් පවසා තිබුනේ පළමු තරගය පැවැති තණතීරුව පන්දු යවන්නන්ට යෝග්‍ය වුවද, දෙවැනි තරගයේ තණතීරුව පන්දුයවන්නට යෝග්‍ය නොවූ බවයි. එනමුත් සිය අත්දැකිම් උපයෝගි කරගෙන කඩුලු ලබාගත් බවද ඔහු පවසා තිබුණි.

එම තරගාවලියේ අවසන් දිනයේදී ලකුණු 377ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 2ක් බිඳවැටී ලබාගත හැකි වූයේ ලකුණු 193ක් පමණි. එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 75ක් සහ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 66ක් ලබාගත්හ.

මෙම තරගාවලියට අදාළව පැවැති තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here