ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග ලංකා ප්රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (14) සමත්විය. ඒ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 37කින් ජයගැනීමත් සමගය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9කට ලකුණු 165ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128ක් පමණි.
තරගයේ වීරයා සම්මානය ලකුණු 76ක් ලබාගත් ජැෆ්නා කණ්ඩායමේ ජොන්සන් චාල්ස්ට හිමිවිය.
තරගාවලියේ අවසන් මහ තරගය හෙට (16) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී ජැෆ්නා හා ගෝල් කණ්ඩායම් අතර පැවැත්වේ.