ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බරයේදී

ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ ලෝක පැරා මලල ක්‍රීඩා අනුකමිටුව විසින් 9 වන වරට සංවිධානය කරනු ලබන ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය 2019 නොවැම්බර් 7-15 දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වේ. 

ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගනු ලබන ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් 05 සහ 06 යන දිනයන්හි   කොළඹ සුගතදාස එළිමහන් ධාවන පථයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණ සහභාවී වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here