ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධූරය හිටපු හමුදාපති දයා රත්නායකට

අභිනවයෙන් පත්වූ නව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධූරය හිටපු හමුදාපතිවරයෙක් මෙන්ම ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් ද වන දයා රත්නායක මහතාට ලබා දී ඇත. සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ක්‍රීඩා ඇමති හරින ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සිදු කෙරිණි. ඒ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවතී උළෙලකදීය.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 4 වැනි වගන්තිය යටතේ පිහිටවිය යුතු වූ ජාතික ක්‍රීඩා සභාව මෙලෙස ඊයේ දිනයේදී පිහිටවනු ලැබිය. මෙම පත්වීම මෙරට ක්‍රීඩා නීතියට අනුව වසර 2ක කාලයක් සඳහා බලපැවැත්වේ.

ජාතික ක්‍රීඩා සභාව
හිටපු හමුදාපති දයා රත්නායක (සභාපති), ශාලිකා කාරියවසම් (ලේකම්), මහාචාර්ය අර්ජුන ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, සජිත් ජයලාල්, මංජුල කාරියවසම්, ලුතිනල් කර්නල් ඩි.ටී.එල්.එස්. කරවිටගේ, මොහොමඩ් හෆීස් මාසෝ, සිදත් වෙත්තමුණි, අසංග සෙනෙවිරත්න, නීතිඥ පණ්ඩුක කීර්තිරත්න, අසෝක ගුණතිලක, ප්‍රියන්ත ඒකනායක, ශ්‍රියානි කුලවංශ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here