ජස්ප්‍රිට් බුම්රාගෙන් වාර්තාවක්

මේ දිනවල පැවැත්වෙන තරග 2කින් යුතු ඉන්දීය-බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දෙවන දිනයේදී  කඩුලු ත්‍රිත්වයක් (hat -trick) ලබාගැනීමට ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා. ඒ ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සැබිනා පාක් ක්‍රීඩාංගණයේදීය.

ඒ සමගින් ඉන්දීය ටෙස්ට් තරග ඉතිහාසයේ එවැනි දස්කමක් දැක්වූ 3 වැනි පන්දු යවන්නා වශයෙන් වාර්තා අතරට එකතු වීමට ඔහුට හැකිවෙනවා.

එමෙන්ම ඔහුගේ කඩුලු ත්‍රිත්වය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 44 වැනි කඩුලු ත්‍රිත්වය වශයෙන් ද සටහන් වෙනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන්නේ ඉර්ෆාන් පතන් සහ හර්බජන් සිංග් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here