ජපානය පළමුවරට වයස 19න් පහල ලෝක කුසලානයට සුදුසුකම් ලබයි.

වයස 19න් පහල ලෝක කුසලානය 2020

ජපානය පළමුවරට  අයි.සී.සී වයස 19න් පහල ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට සෙනසුරාදා (ජුනි 8) සමත් වුනා. ඒ  අයි.සී.සී ය විසින් සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ නැගෙනහිර ආසියානු පැසිපික් කලාපයේ ශුරතාව දිනාගැනීමත් සමගින්. මෙම තරඟාවලිය පැවැත්වුනේ ජපානයේ සානෝ නුවරදීයි.
සිය මවුබිමේදී ලැබූ ජයත් සමඟ  ජපානය ලබන වසරේ මුලදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අයි.සී.සී වයස 19න් පහල ලෝක කුසලානයට සහභාගී වීමට නියමිතය.
ජපානය හා වනාටු රාජ්‍යය අතර මෙම තරඟාවලියේ අවසන් තරඟය පැවති  අතර අවසන් තරඟයේදී ජපානයට නිතරඟ ජයක් හිමි විය. වනවාටු කණ්ඩායමේ ක්‍රීඩකයන් 11ක් දෙනෙකු විනය හේතුන් මත ක්‍රීඩා නොකිරීම නිසා ජපානයට මෙම නිතරඟ ජය හිමි විය. මෙම තරඟාවලියේ සියලුම තරඟ ලීග් ක්‍රමය යටතේ පැවතුනු අතර එහිදී ජපානය සහභාගී වූ සියලුම තරඟ ජයග්‍රහණය කිරීමට සමත්වීම කැපී පෙනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here