චෙස් ජාතික ශූරයා රනිඳු- ශූරිය නෙත්මි

ජාතික චෙස් සම්මේලනය මගින් සංවිධානය කරන ලද ජාතික චෙස් ශූරතාවේ මෙවර ශූරයා වශයෙන් ආනන්ද විද්‍යාලයේ රනිඳු ලියනගේ සම්මාන දිනාගත් අතර එම ජාතික ශූරිය වශයෙන් මහනුවර උසස් බාලිකාවේ නෙත්මි ප්‍රනාන්දු සම්මාන දිනාගත්තාය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති අදාළ තරගාවලිය 21 වැනිදා දක්වා පැවැත්විණි. සැප්තැම්බර් 11 වන දින, ආරම්භයේ සිට විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් සිටි රනිඳු තරග වට 13න් ලකුණු 10 ක් ලබා ගත්තේය. 12වන වටයේ දී යොවුන් ක්‍රීඩක රනිඳු, සී.සී. වීරසිංහ හමුවේ පරාජයට පත්විය. තවද සුසල් ද සිල්වා, රන්දිල් ලක්ෂිත සහ ගයන්ත දසනායක සමග තරග වට ජය පරාජයෙන් තොරව අවසන් කරමින් ඔහු 2020 ජාතික චෙස් ශූරයා ලෙස රු. 100,000ක මුදල්
ත්‍යාගය, කුසලානය සහ රන් පදක්කම දිනා ගත්තේය.

නෙත්මි ප්‍රනාන්දු ද ක්‍රීඩා කළ තරග වට 13 න් ලකුණු 10 ක් ලබා ගැනීමට සමත් වූවාය. තරගයේ පළමු භාගයේදී ඇය තරග වට 7 න් ලකුණු 6 ක් ලබා ගනිමින් විශිෂ්ට ආරම්භයක් ලබා ගත් අතර දෙවන භාගයේදී තරුෂි සන්දීපනි සහ නෙවන්ජි හේවාවසම්ට පමණක් පරාජයට පත්විය.නමුත් අවසන් වට හතරේදී ලකුණු 3 ක් ලබා ගනිමින් දැඩි තරගකාරී ත්වයකින් නැවතත් පෙරමුණට
පැමිණියේය.

නෙත්මි ද වයස අවුරුදු 16 ක පාසල් ශිෂ්‍යයාවක් වන අතර 2020 ජාතික කාන්තා චෙස් ශූරතාව සමග ඒ සඳහා හිමි රු. 60,000ක මුදල් ත්‍යාගය, රන් පදක්කම සහ කුසලානය හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here