චමරි අතපත්තුට එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇරයුමක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට එංගලන්තයට පැමිණ ක්‍රිකට් ක්‍රීඩා කරන්න යැයි ඇරයුමක් ලැබී ඇත.

ඒ මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ‘කියා සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේදී ‘ ලොෆ්ටර් ලයිට්නිං’ක්‍රීඩා සාමාජය නියෝජනය කරමින් තරග කිරීමටය.

ආබාධ තත්වයක් හේතුවෙන් එම තරගාවලියෙන් ඉවත්වූ නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා සොෆියා ඩිවයින්ගේ ස්ථානයට චමරි අතපත්තු යොදාගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

අගෝස්තු 6වැනිදා ආරම්භ වන මෙම තරගාවලියට සහභාගීවීම සඳහා චමරි අතපත්තු ජූලි 28වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here