චමරි අතපත්තුගෙන් වාර්තාගත ශතකයක්..

පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තාකළ පළමු ශ්‍රී ලංකික ක්‍රීඩිකාව බවට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අද සමත් වුනා.

සිඩ්නිහිදී ඔස්ට්‍රේලියාවට එරෙහි පවතී තරගයේදී පන්දු 66 ක් තුල 6 පහර 6ක් හා 4 පහර 12 ක් සමග ලකුණු 113 ක් රැස් කිරීමට ඇය සමත් වුනා.

පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4 දැවී ලකුණු 217 ක් රැස්කළ අතර අනතුරුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 176 ක් පමණි. මෙම තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 41 කින් ජයගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here